රදර්ෆඩ් හදිසියේ IPL පිටියෙන් ඉවත් වී සිය රට බලා යයි

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පිතිකරු ශෙර්ෆේන් රදර්ෆඩ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වී යළි සිය රට වන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටව ගොස් තිබෙනවා.

ඒ, ඔහුගේ පියාගේ අභාවය හේතුවෙන්.

23 හැවිරිදි රදර්ෆඩ් සන්රයිසස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වූයේ මෙවර අයි.පී.එල් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදියරෙන් ඉවත් වීමට එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් තීරණය කිරීම හේතුවෙන්.

මෙවර කැරබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයින් වූ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ද ශෙර්ෆේන් රදර්ෆඩ් කටයුතු කළා.

එම කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණුලාභියා බවට ද මෙවර තරග වාරයේ දී ඔහු පත් වුණේ ලකුණු 262ක් ලබා ගනිමින්.

අර්ධ ශතක 3ක් ද ඊට ඇතුළත් වුණා. පිතිකරණ වේගය සටහන්ව තිබුණේ 127.18ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...