මෝර්ගන්ට IPL තරග තහනමක් පැනවීමේ අවධානමක්; ලක්ෂ 64ක දඩයකුත් ගසයි

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, ඊයේ(23) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග අබුඩාබි හී දී පැවැති තරගයේ දී පන්දුවාර යවා නිම කිරීම සදහා වැඩි කාල වේලාවක් ගත කිරීම හේතුවෙන්.

මෙම තරග වාරයේ දී කොල්කටා කණ්ඩායම මෙම වරදට හසු වූ දෙවැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව නායක ඔයින් මෝර්ගන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක දඩ මුදලක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 64ක පමණ අගයක් වනවා.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් 10 දෙනාට ද අවම වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 6ක දඩ මුදලක් හෝ තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් පැනවෙන බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

එමෙන්ම ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම 2021 තරග වාරයේ දී යළිත් මෙම වරද සිදු කළහොත් නායක මෝර්ගන්ට එක් තරගයක තහනමක් ද පැනවෙනු ඇති.

මේ අතර, පසුගිය 21 වනදා පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී පන්දුවාර යවා නිම කිරීම සදහා වැඩි කාල වේලාවක් ලබා ගැනීම හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් නායක සංජු සැම්සන්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් පනවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...