“නවසීලන්තය අපේ ක්‍රිකට් මැරුවා” – “නවසීලන්තය ජීවත් වෙන්නේ මොන ලෝකෙද?”

Date:

අද(17) රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතව තිබූ නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අවසන් මොහොතේ අත්හිටුවීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පාර්ශවවලින් නවසීලන්තයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා.

ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් සිය කණ්ඩායම යළි තම රටට ගෙන්වා ගන්නා බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණේ.

ඒ, දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබු පළමු එක්දින තරගය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙරයි.

මෙම සංචාරයේ දී රාවල්පින්ඩි හී දී හා ලාහෝර්හී දී තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් හා තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට පෞද්ගලිකවම දුරකතන ඇමතුමක් ගෙන පවතින තත්ත්වය සම්බන්ධයෙන් සුබවාදී පැහැදිලි කිරීමක් ද සිදු කර ඇති පසුබිමකයි නවසීලන්තය තරගාවලිය අත්හිටුවීමට පියවර ගත්තේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රීඩා විචාරකයින් විවිධ අදහස් පල කර තිබෙනවා.

හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් අක්තාර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ නවසීලන්තය විසින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව මරා දැමූ බවයි.

එමෙන්ම ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ දී පාකිස්තාන ජාතිකයින් 9 දෙනෙකු මිය ගිය බවත්, පාකිස්තානය, නවසීලන්තය සමග ශක්තිමත්ව සිට ගත් බවත්, කොවිඩ් 19 වසංගතය මැද වුවද පාකිස්තාන කණ්ඩායම නවසීලන්තයේ තරග සංචාරයක නිරත වූ බවත්, නවසීලන්තය මතක තබා ගත යුතු බවයි ශොයිබ් අක්තාර් කියා සිටියේ.

මේ අතර, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා ද නවසීලන්තයේ තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර තිබෙනවා.

නවසීලන්තය ජීවත් වෙන්නේ කුමන ලෝකයක ද යන්න ඔහු ප්‍රශ්න කර සිටිනවා.

https://twitter.com/angiperera/status/1438827329057292288

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...