කුසල් සහ තවත් ක්‍රීඩකයෙකුට ලෝක කුසලානය අහිමි වීමේ අවධානමක්

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තාවනවා.

ඒ, ඊයේ(14) දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

කුසල් ඊයේ තරගයේ දැවී යන තුරුම පිතිකරණයේ නිරත වුවත්, ආබාධය නිසා පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැහැ.

ඔහු වෙනුවට කඩුලු රැකීමේ කාර්යය සිදු කළේ අතිරේක ක්‍රීඩකයෙකු වූ දිනේෂ් චන්දිමාල් විසිනුයි.

එංගලන්ත තරග සංචාරයේ දී ද කුසල් ජනිත් ආබාධයකට ලක් වූ අතර, අනතුරුව ඔහුට කොවිඩ් 19 වෛරසය ද ආසාදනය වුණා.

පසුව සම්පූර්ණ සුවය ලබා ඔහු දකුණු අප්‍රිකා 20යි 20 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් වුවද පළමු 20යි 20 තරගය ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි වුණේ සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවීම හේතුවෙන්.

මේ අතර, ආබාධයක් හේතුවෙන් ළහිරු මදුෂංකට ද එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...