“කෝලි නායකත්වයෙන් ඉල්ලා අස්වන මාධ්‍ය වාර්තා අසත්‍යයි” : BCCI

Date:

ඉන්දීය නායක විරාට් කෝලි ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත් වීමට නියමිතව ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් පවසනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවයි ඔහු NDTV රූපවාහිනිය වෙත සදහන් කර ඇත්තේ.

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව කෝලි නායකත්වයෙන් ඉල්ලා අස් වීමට නියමිතව ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය අද(13) වාර්තා කර තිබුණා.

සිය පිතිකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඔහු එලෙස නායකත්වයෙන් ඉල්ලා අස් වීමේ තීරණය ගැනීමට නියමිතව ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ.

ඒ අනුව ඉන්දීය එක්දින හා 20යි 20 කණ්ඩායමේ නායකත්වය වත්මන් උප නායක හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මාට ඉදිරියේ දී හිමි වනු ඇති බව ද සදහන් වුණා.

කෙසේ වෙතත්, එම සියලු වාර්තා අසත්‍ය බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් පෙන්වා දෙන්නේ.

“එවැනි කිසිදු දෙයක් සිදුවන්නට යන්නේ නැහැ. මේවා සියල්ල මාධ්‍ය නිර්මාණ” යනුවෙන් ඔහු කියා සිටියා.

ඉන්දියාවෙන් බිහි වූ සාර්ථකම නායකයෙකු ලෙස විරාට් කෝලි සැලෙකන නමුත්, ඔහුගේ නායකත්වය යටතේ තවමත් ඉන්දීය ජාතික කණ්ඩායමට අයි.සී.සී ශූරතාවයක් දිනා ගැනීමට හැකි වී නැහැ.

කෝලි එක්දින තරග 95කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇති අතර, ඉන් තරග 65කදී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට ඔහු සමත් වුණා.

20යි 20 ජාත්‍යන්තර තරග 45ක නායකත්වය දැරූ ඔහු ඉන් තරග 29ක ජය ඉන්දියාවට හිමි කර දුන්නා.

ටෙස්ට් පිටියේ ඉන්දියාවෙන් බිහි වූ සාර්ථකම නායකයා ලෙස කෝලි සැලකෙන අතර, ඔහු ටෙස්ට් තරග 65ක නායකයා වෙමින් ඉන් තරග 38ක් ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...