පාකිස්තාන – නවසීලන්ත එක්දින තරගාවලිය සුපර් ලීගයෙන් ඉවතට

Date:

ලබන සතියේ දී ආරම්භ වන පාකිස්තාන – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් නොවන බව දෙරටේ ක්‍රිකට් ආයතන විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ, ලබන 17 වනදා රාවල්පින්ඩිහී දී ආරම්භ වන තරග 3කින් යුත් අදාළ එක්දින තරගාලියට විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) යොදා නොගැනීම හේතුවෙන්.

2022/23 තරග වාරයේ දී ද නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, එහිදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එම එක්දින තරග 3 අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ඇතුළත් කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...