යොවුන් ක්‍රීඩකයින්ට නේවාසික පුහුණුවක්

Date:

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය හා ලෝක කුසලාන තරගාවලිය කෙරෙහි අවධානය යොමු කරමින්.

ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතය දින 22 ක කාලයක් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අදාළ පුහුණු කඳවුරට සහභාගි වීමට නියමිතයි.

එය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

නිපුණතා පුහුණුව, ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන අතර, පුහුණු එක්දින තරග 3 ක් මෙම පුහුණු කඳවුරට ඇතුළත්.

දිවයින පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් සංගමය සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලද වැඩසටහනේදී තෝරා ගත් ක්‍රීඩකයින් 75 දෙනාගෙන් මෙම ක්‍රීඩකයින් 26 දෙනා තෝරා ගැණුනු අතර, පුහුණු කදවුර ඊයේ(9) දිනයේ දී ආරම්භ වුණා.

මෙම නේවාසික පුහුණු කඳවුර යොවුන් කණ්ඩායමේ නව පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

යොවුන් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන ද, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ ද, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ ද, පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන ද කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...