T 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) ප්‍රකාශයට පත් කළා.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පිතිකරුවන් ලෙස ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්ව ඇත්තේ වනිදු හසරංග, චාමික කරුණාරත්න, කමිදු මෙන්ඩිස් හා ළහිරු මදුෂංකයි.

දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් වේග පන්දු යවන්නන් ලෙසත්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම දග පන්දු යවන්නන් ලෙසත් සංචිතයට ඇතුළත්.

සංචිතයේ සිටින මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති එකම ක්‍රීඩකයා වන්නේ ප්‍රවීන් ජයවික්‍රමයි.

ආබාධයකට ලක්වීම නිසා හා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා නිමා වූ තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට කැදවීමත් සමග ඔහු වෙනුවට පසුගිය තරගවලදී ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ මිනෝද් භානුකට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති පුලින තරංග මෙන්ම ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු හා අකිල ධනංජය නම් කර තිබෙනවා.

ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අබුඩාබි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තෙවැනි තරගය සාජාහී දී පැවැත්වෙන බව අයි.සී.සී සදහන් කළා.

ශ්‍රී ලංකා සංචිතය –

Dasun Shanaka (C), Dhananjaya De Silva (VC), Kusal Janith Perera, Dinesh Chandimal, Avishka Fernando, Bhanuka Rajapaksa, Charith Asalanka, Wanindu Hasaranga, Kamindu Mendis, Chamika Karunaratne, Nuwan Pradeep, Dushmantha Chameera, Praveen Jayawickrema, Lahiru Madushanka, Maheesh Theekshana

Reserves
Lahiru Kumara, Binura Fernando, Akila Dananjaya, Pulina Tharanga

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...