නවසීලන්තය 93කට සීමා කරමින් බංග්ලාදේශය තරගාවලිය දිනයි

Date:

නවසීලන්තය සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම ජය ගැනීමට බංග්ලාදේශය අද(8) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති සිව්වැනි 20යි 20 තරගයෙන් බංග්ලාදේශය කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩකාහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 93ක් පමණයි.

විල් යන්ග් ලකුණු 46ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළ අතර, නායක ටොම් ලේතම් ලකුණු 21යි. ෆින් ඇලන් ලකුණු 12කට දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නසුම් අහ්මඩ් හා මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුලු 4 බැගින් දවා ගනිද්දී, මහෙදි හසාන් හා මොහොමඩ් සයිෆුදීන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ නායක මහමුදුල්ලාහ් නොදැවී රැස් කළ ලකුණු 43න් සවිමත් වෙමින්. මොහොමඩ් නයීම් ලකුණු 29යි.

පන්දු යැවීමේ දී අජාජ් පටෙල් කඩුලු 2ක් හා Cole McConchie කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...