චරිත් අසලංක ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 122කින් ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (8) ප්‍රකාශයට පත් කළා.

ඒ, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා, ඉන්දු – එංගලන්ත හා බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා තරගාවලි පදනම් කර ගනිමින්.

ඒ අනුව එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 66 වන ස්ථානය දක්වා ස්ථාන 122කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත් වී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ලකුණු 196ක් රැස් කරමින් ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතාව හේතුවෙන්.

වනිදු හසරංග එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 32 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

දුෂ්මන්ත චමීර ඉදිරියට පැමිණ ඇත්තේ 35 වන ස්ථානය දක්වායි.

නවසීලන්තයේ කේන් විලියම්සන් එක්දින පිතිකරුවන් අතර 9 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් 10 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පහතට ඇද වැටී තිබෙනවා.

ජෙනමන් මලාන් ස්ථාන 31කින් ඉදිරියට පැමිණ ඇත්තේ 34 වන ස්ථානය දක්වායි.

මේ අතර, එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 9 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, ඉන්දියාවට එරෙහි සිව්වැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 7ක් දවා ගනිමින් සහ අර්ධ ශතකයක් වාර්තා කරමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

කෙසේ වෙතත්, ජේම්ස් ඇන්ඩර්සන් පන්දු යවන්නන් අතර ස්ථාන දෙකකින් පහතට ඇද වැටී ඇත්තේ 7 වන ස්ථානය දක්වායි.

20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ද යම් වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

ඒ අනුව එහි පිතිකරුවන් අතර ආරෝන් ෆින්ච්, එවින් ලුවිස් හා රසී වැන් ඩර් ඩුසේන් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ ඇත්තේ පිළිවෙලින් 3, 8 හා 9 යන ස්ථාන දක්වායි.

අයර්ලන්තයේ පෝල් ස්ටර්ලින් ස්ථාන 9කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 14 වන ස්ථානයේ රැදී සිටිනවා.

ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩකයින් වන ඇෂ්ටන් ඒගාර් හා ඇඩම් සම්පා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ ඇත්තේ පිළිවෙලින් 6 වන හා 7 වන ස්ථාන දක්වායි.

ශකිබ් අල් හසාන් ද 9 වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...