ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශ කරන්න සියල්ල සූදානම්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සූදානමින් පසුවනවා.

අනිද්දා(10) දිනයට පෙර සංචිතය ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා newswire වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිත එළඹෙන 10 වනදා වන විට ප්‍රකාශයට පත් කළ යුතු බවට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දින නියම කර තිබෙනවා.

ලෝක කුසලානය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කිරීමට නියමිතව ඇති අතර, අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ඊට නම් කරනු ඇති.

සංචිතයේ වෙනස්කම් සිදු කිරීම සදහා ඔක්තෝබර් 10 වනදා දක්වා අවස්ථාව ලබා දීමට ද අයි.සී.සීය කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට සිදු වන්නේ නිමා වූ දේශීය හා ජාත්‍යන්තර 20යි 20 තරග මෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ එක්දින තරගාවලියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්වයි.

දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලිය ලබන 10 වනදා, එනම් ලෝක කුසලානයට සංචිත නම් කළ යුතු අවසන් දිනයේ දී ආරම්භ වන බැවින් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 20යි 20 තරගාවලියේ දී දක්වන දක්ෂතා මත පදනම්ව ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට සිදු වන්නේ නැහැ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...