බට්ලර් හා ලීච් තීරණාත්මක අවසන් ටෙස්ට් ගැටුමට කැදවයි

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සංචිතය සදහා ජොස් බට්ලර් හා ජැක් ලීච් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගියදා ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වූ සිව්වැනි ටෙස්ට් තරගය සදහා බට්ලර් ක්‍රීඩා නොකළේ ඔහුගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් සිටි බැවින්.

ජැක් ලීච් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරග දෙක සදහා වන සංචිතයට ඇතුළත්ව සිටියත්, ඔහු පසුගිය මාර්තු මාසයෙන් පසුව මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

සිව්වැනි තරගය සදහා වන එංගලන්ත සංචිතයට නම් කර සිටි සෑම් බිලින්ග්ස් යළි කෙන්ට් කණ්ඩායම සමග එක්ව ඇති බව සදහන්.

ඉන්දියාව 2007 වසරෙන් පසුව එංගලන්තයේ දී මෙතෙක් කිසිදු ටෙස්ට් තරගාවලියක් ජය ගෙන නොමැති අතර, ඔවුන් මේ වන විට මෙවර තරගාවලිය ජය ගැනීම සදහා වැඩි අවස්ථාවක් උදා කර ගෙන ඇත්තේ තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනිමින්.

දෙරට අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා(10) Emirates Old Trafford ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England squad:

Joe Root (c), Moeen Ali, James Anderson, Jonny Bairstow (wk), Rory Burns, Jos Buttler (wk), Sam Curran, Haseeb Hameed, Dan Lawrence, Jack Leach, Dawid Malan, Craig Overton, Ollie Pope, Ollie Robinson, Chris Woakes, Mark Wood.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...