සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ස්ථාන 3කින් ඉදිරියට

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලැබූ ලකුණු 14ක ජයත් සමගින්.

මීට පෙර ශ්‍රී ලංකාව එහි රැදී සිටියේ 11 වන ස්ථානයේ යි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් ලීගය යටතේ තරග 13කට ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජය ගනිමින් හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 32ක්.

ශ්‍රී ලංකාව තරග 9ක් පරාජයට පත්ව ඇති අතර, එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමුණා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ එංගලන්තයට හිමිව ඇත්තේ තරග 15කදී ප්‍රසාද ලකුණු 95ක් හිමි කර ගනිමින්.

දකුණු අප්‍රිකාව එහි 11 වන ස්ථානයේ රැදී සිටිනවා.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...