එංගලන්තය ලකුණු 138ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(2) ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ජෝ රූට් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය පිතිකරුවන්ට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සාර්ථක අයුරින් පන්දුවට පහර දීමට මෙම තරගයේ දී ද එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි ප්‍රතිපලය වූයේ ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 191කට දැවී යාමයි.

ශාර්දුල් තාකූර් ලකුණු 57ක් ලබා ගත් අතර, විරාට් කෝලි ලකුණු 50ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ රෝහිට් ෂර්මා ලකුණු 11කටත්, කේ.එල් රාහුල් ලකුණු 17කටත් දැවී ගිය අතර, චෙටස්වර් පුජාරා රැස් කළේ ලකුණු 4ක් පමණයි.

මෙම ඉනිමේ දී අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි රවීන්ද්‍ර ජඩේජා ලකුණු 10ක් පමණක් ලබා ගත්තා. යළිත් අසාර්ථක වූ අජික්කෙයා රහානේ ලකුණු 14යි. රිෂාබ් පාන්ට් ලකුණු 9කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 4ක් දවා ගත් අතර, ඔලී රොබින්සන් කඩුලු 3ක් බිද හෙලුවා. ජේම්ස් ඇන්ඩර්සන් හා කෙයිග් ඕවර්ටන් ද කඩුල්ල බැගින් බිද හෙලීමට සමත් වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 53ක් ලබා සිටියේ ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 138ක් පිටුපසින් සිටිමින්.

හසීබ් හමීඩ් ලකුණු නොලබාත්, රෝරි බර්න්ස් ලකුණු 5කටත්, ජෝ රූට් ලකුණු 21කටත් දැවී ගියා.

ඩාවිඩ් මලාන් නොදැවී ලකුණු 26ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2ක් දවා ගත් අතර, උමේෂ් යාදෙව් එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...