පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(2) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 301ක ඉලක්කයක් දකුණු අප්‍රිකාවට හිමි වූ නමුත්, ඔවුන්ට නියමිත පන්දුවාර 50 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබා ගනිමින්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 96(90) ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමගින්.

ටෙම්බා බවුමා ලකුණු 38ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ ආබාධයකට ලක්වීම හේතුවෙන්. ඒ වන විට මාක්‍රම් හා බවුමා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගී තිබූ සබදතාවය ලකුණු 106(110)ක්.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 59යි. හෙන්රිච් ක්ලාසීන් ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 65කට කඩුලු 2ක් දවා ගත් අතර, වනිදු හසරංග, ප්‍රවීන් ජයවික්‍රම හා චාමික කරුණාරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තේ අවිශ්ක ප්‍රනාන්දු රැස් කළ ශතකයෙන් සවිමත් වෙමින්.

https://twitter.com/cric12222/status/1433708947060396037

ඔහු පන්දු 115කදී ලකුණු 118ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 10ක් සමගින්.

චරිත් අසලංක පන්දු 62කදී ලකුණු 71ක් ද, ධනංජය ද සිල්වා පන්දු 62කින් ලකුණු 44ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා හා කේෂාව් මහරාජ් කඩුලු 2 බැගින් දවා ගත් අතර, ඒඩ්න් මාක්‍රම් හා ටැබ්රයිස් ශම්සි එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

https://twitter.com/cric12222/status/1433506048220950528

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...