ක්‍රිකට් ආයතනයෙන් නව පත් කිරීම් දෙකක්

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(2) තහවුරු කළා.

අද සිට ඔහුගේ පත් කිරීම සිදු කර ඇති අතර, 2022 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්වීම වලංගු වනු ඇති.

අයි.සී.සී තෙවැනි මට්ටමේ පුහුණුකරුවෙකු වන ගුණවර්ධන මහතා මීට පෙර ද 19න් පහළ කණ්ඩායමේ, A කණ්ඩායමේ හා නැගීඑන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ලෙස ද ඔහු කටයුතු කර තිබුණා.

අවිශ්ක ගුණවර්ධන මහතා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද පාකිස්තාන එක්දින තරගාවලිය වෙනුවෙන් පත්කර තිබූ නමුත්, අදාළ තරගාවලිය කල් දැමීමටයි පසුගියදා තීරණය කෙරුණේ.

මේ අතර, මහින්ද හලංගොඩ මහතා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ කළමණාකරු ලෙස පත් කර තිබෙනවා.

2022 යොවුන් ලෝක කුසලානය අවසන් වන තුරු ඔහුව එම තනතුරට පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුව සමග එක්ව මෙම පත් කිරීම් සිදු කර ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...