සුපිරි පන්දුවාරයේ දී ඉසුරුගේ නයිට් රයිඩර්ස් කණ්ඩායමට තියුණු පරාජයක්

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියේ 11 වන තරගයෙන් ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට ගයානා ඇමසන් වොරියස් කණ්ඩායම අද(1) සමත් වුණා.

ශාන්ත් කිට්ස්හි වෝනර් පාර්ක් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 138ක් රැස් කළා.

කොලින් මන්රෝ ලකුණු 32ක් ලබා ගත් අතර, සුනිල් නාරායන් හා ඉසුරු උදාන ලකුණු 21 බැගින් ලබා ගත්තා.

පන්දු 9කින් වාර්තා වූ උදානගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Romario Shepherd හා මොහොමඩ් හෆීස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගයානා කණ්ඩායමට ද නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

ශිම්රන් හෙට්මයර් හා නායක නිකලස් පූරාන් ලකුණු 27 බැගින් රැස් කළ අතර, Romario Shepherd ලකුණු 18ක් ද, මොහොමඩ් හෆීස් ලකුණු 16ක් ද වාර්තා කළා.

පන්දු යැවීමේ දී රවී රාම්පෝල් කඩුලු 4ක් දවා ගත් අතර, සුනිල් නාරායන් කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම තරගයේ දී තරමක ප්‍රහාරයකට ලක් වූ ඉසුරු පන්දුවාර 3ක් තුළ ලකුණු 38ක් ප්‍රතිවාදීන්ට ලබා දුන් නමුත්, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට සමත් වූයේ නැහැ.

ලකුණු සම වීමෙන් අනතුරුව ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගයානා කණ්ඩායමට පන්දු 5ක් තුළ කඩුලු දෙකම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 6ක් පමණයි.

කෙසේ වෙතත්, Romario Shepherd යොමු කළ සුපිරි පන්දුවාරයේ දී ලකුණු 7ක ඉලක්කය හඹා යාමට නයිට් රයිඩර්ස් පිතිකරුවන්ට හැකි වූයේ නැහැ.

කිරන් පොලාඩ් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ඔවුන්ට සුපිරි පන්දුවාරය නිමා කිරීමට සිදු වූයේ කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...