වීදුරුවකට හානි කළ ගේල්ගේ දැවැන්ත හයේ පහර

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් තරගාවලිය ඊයේ(26) ආරම්භ වුණා.

තරගාවලියේ ආරම්භක දිනයේ දී පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට සමත් වුණේ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම හා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමයි.

ඔවුන් හමුවේ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් හා බාර්බඩෝස් රෝයල්ස් යන කණ්ඩායම් පිළිවෙලින් පරාජයට පත් වුණා.

ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම හා බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ තරගාවලියේ දෙවැනි තරගය ලෙසයි.

මෙම තරගයෙන් පැට්‍රියෝට්ස් කණ්ඩායම ලකුණු 21ක ජයක් වාර්තා කළ අතර, එහිදී සමාජජාලා මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් පිතිකරුවා බවට පත් වුණේ ක්‍රිස් ගේල්.

ඒ, ඔහු මෙම තරගයේ දී වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීම නිසානම් නොවේ; ඔහු එල්ල කළ දැවැන්ත හයේ පහරකින් ක්‍රීඩාංගනයේ තිබූ වීදුරුවකට සිදු වූ හානි වීමක් නිසායි.

ජේසන් හෝල්ඩර් යොමු කළ පන්දුවකටයි ගේල් මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ.

කෙසේ වෙතත්, මෙම ඉනිමේ දී ගේල් ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි.

https://twitter.com/AbdullahNeaz/status/1431092778105131012

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...