ලොව අංක එකේ T 20 පන්දු යවන්නා වන ශම්සි IPL තරගාවලියට

Date:

දකුණු අප්‍රිකානු දග පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ශම්සි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතවී තිබෙනවා.

ඒ, ලබන 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහායි.

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි වෙනුවට ඔහුව සිය කණ්ඩායමට ආදේශ කළ බවයි රාජස්ථාන් කණ්ඩායම නිවේදනය කළේ.

20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පන්දු යවන්නා වන ටැබ්රයිස් ශම්සි ජාත්‍යන්තර 20යි 20 තරග 39කදී බිද හෙලා ඇති කඩුලු ගණන 45ක්.

ඔහු 2016 වසරේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, එහිදී තරග 4කදී බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්.

මෑතකදී නිමා වූ “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ දී Oval Invincibles කණ්ඩායම වෙනුවෙන් ටැබ්රයිස් ශම්සි තරග 5කදී කඩුලු 7ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...