දකුණු අප්‍රිකා කණ්ඩායම දිවයිනට

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය අරඹමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද(26) අලුයම දිවයිනට පැමිණියා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් අතර, 20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

ක්වෙන්ටන් ඩී කොක් එක්දින තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

ලුන්ගි එන්ගිඩී හා ඩේවිඩ් මිලර් ද එක්දින සංචිතයට නම් කර නොමැති අතර, වේග පන්දු යවන ක්‍රීඩක ජූනියර් ඩලාට ශ්‍රී ලංකා තරග සංචාරය අහිමි වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්.

මෙම සංචාරයේ දී දෙරට අතර තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, පළමු එක්දින තරගය ලබන දෙවනදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...