පාකිස්තාන පුහුණුකරු මිස්බාට කොරෝනා

Date:

පාකිස්තාන පුහුණුකරු මිස්බා උල් හක්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට ජැමයිකාවේ දී දින 10ක කාලයක් නිරෝධායනයට ලක්වීමට සිදු වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලිය නිමා වී දිනක් ගතව ඇති පසුබිමකයි මේ බව අනාවරණය වී ඇත්තේ.

අද(25) දිනයේ දී පාකිස්තාන සංචිතයේ සෙසු සාමාජිකයින් ලාහෝර් නුවර බලා පිටත්ව යන නමුත්, මිස්බා උල් හක්ට ජැමයිකාවේම රැදී සිටීමට සිදු වනු ඇති.

සංචිතයේ සෙසු කිසිදු සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වී නැහැ.

නිරෝධායනය වීම සදහා මිස්බා උල් හක් වෙනත් හෝටලයක් වෙත මාරු කර ඇති බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...