කොදෙව්වන් ජයග්‍රහනයට ලකුණු 280ක් පිටුපසන්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය මෙරට වේලාවෙන් අද(24) අලුයම නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තු පාකිස්තානය දෙසට නැඹුරු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 329ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 49ක්.

කිරන් පවෙල් ලකුණු 23කට දුවද්දී දැවී ගිය අතර, නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 17ක් හා අල්සාරි ජෝසප් නොදැවී ලකුණු 8ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව තරගයේ අවසන් දිනයේ දී කොදෙව්වන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 280ක් රැස් කළ යුතු අතර, පාකිස්තානය කඩුලු 9ක් දවා ගත යුතුයි.

සිව්වන දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලකුණු 39ක් ලබා සිටි අතර, ඔවුන්ගේ ඉනිම ලකුණු 150කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ශහීන් ශාහ් අෆ්රිඩි සිය හොදම ටෙස්ට් පන්දු යැවීම ප්‍රදර්ශනය කරමින් ලකුණු 51කට කඩුලු 6ක් දවා ගත්තා. මොහොමඩ් අබ්බාස් ලකුණු 44කට කඩුලු 3ක් බිද හෙලුවා.

කොදෙව් ඉනිම වෙනුවෙන් Nkrumah Bonner ලකුණු 37ක්, ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 33ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 26ක් ලබා ගත්තා.

අනතුරුව පාකිස්තානය සිය දෙවැනි ඉනිම පන්දුවාර 27.2ක් අවසානයේ දී අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා සිටියදීයි.

ඉම්රාන් බට් ලකුණු 37ක්, බබාර් අසාම් ලකුණු 33ක්, අබිඩ් අලී ලකුණු 29ක් රැස් කළා. පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් හා ජේසන් හෝල්ඩර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ජැමයිකාවේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 302ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවූ අතර, මෙම තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමටයි සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...