පාකිස්තාන – ඇෆ්ඝනිස්තාන එක්දින තරගාවලිය ලබන වසරට කල් දැමේ

Date:

පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් ඊයේ(23) පස්වරුවේ තම ආයතනයෙන් ඉල්ලීමක් සිදු කළ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලිය සැප්තැම්බර් මුල හම්බන්තොට දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, ඇෆ්ඝනිස්තානයේ පවතින වාතාවරණය හේතුවෙන් කාබුල් නුවරින් ගුවන් ගමන් සිදු නොවීම, ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම ඉහළ යාම, ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය සහ තරග විකාශනය සදහා අවශ්‍ය උපකරණ නොමැති වීම යන කරුණු මත තරගාවලිය කල් දමා තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි සදහන් කළේ තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට අවධානය යොමු කරමින් සිටිය නමුත්, ඇෆ්ඝනිස්තානයේ පවතින තත්ත්වය මත අවසානයේ දී එය කල් දැමීමට තීරණය කළ බවයි.

“පස්වරුව වන තුරුම අපි පාකිස්තානයේදී තරගාවලිය ක්‍රීඩා කිරීමට මූලික වශයෙන් එකඟ වී තිබූ අතර ඔවුන් ලබා දුන් සියළු සහයෝගය ගැන අපි පාකිස්ථානයට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් හමිඩ් ශින්වාරි කියා සිටියා.

“නමුත් පසුව සියලු තත්ත්වයන් සලකා බලා, විශේෂයෙන් අපේ ක්‍රීඩකයින්ගේ මානසික සූදානම සලකා බැලීමේදී, ඔවුන් සූදානම් නැති බව අපට පෙනී ගියා. අපට කඳවුරක් අවශ්‍ය වූ අතර කාලගුණය හා තත්වයන්ට අනුවර්තනය වීමට අපට කාලයක් අවශ්‍ය වුණා.”

ඒ අනුව දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය 2022 වසරේ දී පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...