CPL තරගාවලියේ දින තහවුරු කෙරේ

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 18 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා පැවැත්වෙන බව තහවුරු කර තිබෙනවා.

තරගාවලිය ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ හී දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

තරගාවලිය පැවැත්වීම සදහා වන අනුමැතිය රජයේ බළධාරීන් විසින් ලබා දී ඇති බව සදහන්.

ඒ අනුව කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව පැවැත්වෙන පළමු 20යි 20 ලීග් තරගාවලිය බවට මෙය පත් වීමට ඉඩ තිබෙනවා.

සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට නියමිතයි.

සියලු ක්‍රීඩකයින් සහ නිළධාරීන් එක් හෝටලයක රැදවීමට තීරණය කර ඇති බවත්, එරටට පැමිණෙන සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට ලක් වීමෙන් පසුව පළමු සති දෙකක කාලය නීරෝධායන නීතිවලට අනුකූලව කටයුතු කළ යුතු බවත්, සදහන්.

මෙවර තරගාවලිය සදහා ඉන්දීය ක්‍රීඩක Pravin Tambe ද එක් වන අතර, ඔහු CPL තරගාවලියට එක් වන පළමු ඉන්දීය ක්‍රීඩකයා ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...