මහේලගේ සදර්න් බ්‍රේව් කණ්ඩායම පන්දු සියයේ පළමු ශූරයින් ලෙස ඉතිහාසගත වෙයි

Date:

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම මෙරට වේලාවෙන් අද අලුයම(22) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී Birmingham Phoenix කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමින්.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසියේ දිනූ Birmingham කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි Southern Brave පිතිකරුවන් නියමිත පන්දු සියය නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා ගනිමින්.

පෝල් ස්ටර්ලින්ග් පන්දු 36කින් වේගවත් ලකුණු 61ක් ලබා ගත්තේ හයේ පහරවල් 6ක් හා හතරේ පහර 2ක් සමගින්.

Ross Whiteley පන්දු 19කින් ලකුණු 44ක් නොදැවී රැස් කළා.(6×4, 4×4)

පන්දු යැවීමේ දී ඇඩම් මිල්න් පන්දු 20ක් තුළ ලකුණු 8කට කඩුලු 2ක් දවා ගත්තේ නිලකුණු පන්දු 14ක් වාර්තා කරමින්.

ඉම්රාන් තහීර්, Benny Howell හා ලියම් ලිවින්ග්ස්ටෝන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Birmingham Phoenix කණ්ඩායමට නියමිත පන්දු 100 නිමා කිරීමට සිදු වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 136ක් ලබා ගනිමින්.

ලියම් ලිවින්ග්ස්ටෝන් පන්දු 19කින් ලකුණු 46ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසු වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඇතුළත්.

නායක මොයීන් අලී ලකුණු 36කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රෙයිග් ඕවර්ටන්, George Garton, Tymal Mills හා Jake Lintott එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනා ගත්තේ අවසන් තරගයේ දී Southern Brave කාන්තා කණ්ඩායම ලකුණු 48කින් පරාජයට පත් කළ Oval Invincibles කාන්තා කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...