මහේලගේ සදර්න් බ්‍රේව් අද අවසන් මහා තරගයට

Date:

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(21) පැවැත්වෙනවා.

ඒ, මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම හා Birmingham Phoenix කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11ට ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Birmingham Phoenix කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ කණ්ඩායම් 8ක් තරග වැදුණු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීම හේතුවෙන්.

ඔවුන් තරග 8කට ක්‍රීඩා කර ඉන් තරග 6ක් ජය ගත් අතර, හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

Southern Brave කණ්ඩායම මූලික වටයේ තරග 8න් තරග 5ක් ජය ගත් අතර, ප්‍රසාද ලකුණු 11ක් හිමි කර ගත්තේ එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමීමට සිදු වීම ද පදනම් කර ගනිමින්.

Trent Rockets කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වුණේ තෙවැනි ස්ථානයයි.

ඒ අනුව Trent Rockets හා Southern Brave යන කණ්ඩායම් අවසන් පූර්ව තරගයට (Eliminator) ක්‍රීඩා කළ අතර, එම තරගයෙන් කඩුලු 7ක ජයක් ඊයේ(20) හිමි කර ගත් Brave කණ්ඩායම අවසන් තරගයේ ස්ථානය තහවුරු කර ගත්තා.

මේ අතර, තරගාවලියේ කාන්තා අංශයේ අවසන් තරගය ද අද පැවැත්වෙනවා.

එම තරගය Southern Brave කාන්තා කණ්ඩායම හා Oval Invincibles කාන්තා කණ්ඩායම අතර මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ලොඩ්ස් ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...