ලකුණු 2ට කඩුලු 3ක් දැවී යාමෙන් පසු බබාර් හා ෆවඩ් පාකිස්තාන ඉනිම ගොඩ ගනියි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(21) අලුයම නිමා වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 212ක් ලබා සිටියා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 2ක් තුළ දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා.

එහිදී අබිඩ් අලී හා අසාර් අලී පිළිවෙලින් එක් ලකුණකට හා ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට කෙමා රෝච් සමත් වුණා.

අනතුරුව ඉම්රාන් බට් එක් ලකුණකට දැවී ගියේ ජෙයිඩ්න් සීල්ස් යොමු කළ පන්දුවක් හමුවේයි.

කෙසේ වෙතත්, අනතුරුව නායක බබාර් අසාම් හා ෆවඩ් අලාම් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 158ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

අලාම් ලකුණු 76ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

අනතුරුව බබාර් අසාම් ලකුණු 75කට දැවී ගියේ කෙමා රෝච්ගේ පන්දුවක් හමුවේයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මොහොමඩ් රිස්වාන් ලකුණු 22ක් හා ෆහීම් අශ්රෆ් ලකුණු 23ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගය ජැමයිකාවේ Sabina Park ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...