නේතන් ඇලස් පංජාබ් කණ්ඩායමට

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක නේතන් ඇලස් පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහායි.

පංජාබ් කණ්ඩායමේ ජයි රිචර්ඩ්සන් හා Riley Meredith ඉතිරි තරග සදහා ක්‍රීඩා නොකරන පසුබිමක් මතයි මෙම ගිවසුම් ගත වීම සිදු කර ඇත්තේ.

නිමා වූ බංග්ලාදේශ 20යි 20 තරගාවලියේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගත් නේතන් ඇලස් සිය මංගල තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට ද සමත් වුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී අතරමග දී අත්හිටුවීමට සිදු වූ මෙවර IPL තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...