කොවිඩ් නිසා SLC ආරාධිත T 20 තරගාවලියේ කාලසටහනෙහි සංශෝදනයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ 9 වන හා 10 වැනි තරග අනිද්දා(21) දිනය දක්වා කල් දැමූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයේ සේවකයින් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙලෙස කාලසටහන සංශෝදනය කර ඇති බව සදහන්.

පසුගිය 17 වනදා සේවකයින්ට සිදු කළ PCR පරීක්ෂණයකදී යි ඒ බව අනාවරණය වී තිබුණේ.

ඒ හේතුවෙන් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් මේ වන විට හෝටල් දෙකක් වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කොවිඩ් 19 ආසාදනය වූ සේවකයින් ක්‍රීඩකයින් සමග හෝ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් සමග සෘජු සම්බන්ධතාවයක් දක්වා නොමැති බවත්, ක්‍රීඩකයින් හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජකයින් අද දිනයේ දී PCR පරීක්ෂණයකට මුහුණ දී ඇති බවත් සදහන්.

තරගාවලියේ 11 වන හා 12 වන තරග සුපුරුදු පරිදි ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය නියමිත පරිදි ලබන 24 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇති.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...