රාහුල්ගේ ඓතිහාසික ශතකය හමුවේ පළමු දිනයේ සියලු ගෞරව ඉන්දියාවට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (12) ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

පළමු දිනයට තරගය අද නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජෝ රූට්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 276ක්.

පළමු තරගයේ දී මෙන්ම මෙම ඉනිමේ දී ද සාර්ථක සබදතාවයක් ආරම්භක කඩුල්ල සදහා ගොඩ නැගීමට රෝහිට් ෂර්මා හා කේ.එල් රාහුල් සමත් වුණේ ලකණු 126ක් පළමු කඩුල්ලට එක් කරමින්.

ෂර්මා ලකුණු 83කට දැවී ගියා. රාහුල් සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 127ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔහු ඉතිහාසගත වුණේ ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් වාර්තා කළ 10 වැනි ඉන්දීය ක්‍රීඩකයා ලෙසයි.

රාහුල්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 12ක් ඇතුළත්.

චෙටස්වර් පුජාරා ලකුණු 9කට දැවී ගිය අතර, විරාට් කෝලි ලකුණු 42යි.

අජින්කෙයා රහානේ නොදැවී ලකුණු 1ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2ක් හා ඔලී රොබින්සන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...