ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ඓතිහාසික අවස්ථාවක් සංගක්කාරගේ ප්‍රධානත්වයෙන්

Date:

එංගලන්තයේ ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රතිසංවර්ධනය කෙරුණු Compton සහ Edrich ප්‍රේක්ෂකාගාර අද(12) විවෘත කෙරුණා.

ඒ, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක හා මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) සභාපති කුමාර් සංගක්කාර මහතා අතින්.

එංගලන්තය හා ඉන්දියාව අතර අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සමගාමීවයි එය විවෘත කෙරුණේ.

2019 වසරෙන් පසුව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ටෙස්ට් තරගයකට ප්‍රේක්ෂකාගාරවල සම්පූර්ණ ධාරිතාවයෙන් ප්‍රේක්ෂකයින් පැමිණි පළමු අවස්ථාව ද අද දිනයේ සනිටුහන් වීම ද විශේෂත්වයක්.

නව පහසුකම් රැසක් ඇති කරමින් Compton සහ Edrich ප්‍රේක්ෂකාගාර ප්‍රතිසංවර්ධනය කිරීම සදහා වැය කළ මුදල පවුම් මිලියන 53ක්.

ප්‍රතිසංවර්ධණය කිරීමත් සමග එම ප්‍රේක්ෂකාගාරවල ධාරිතාවය ද 2,600 කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව ක්‍රීඩාංගනයේ සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවය 31,600 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...