SLC ආරාධිත T 20 තරගාවලිය ක්‍රීඩකයින් 10 දෙනෙකුට අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස පැවැත්වීමට නියමිත ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක්‍රීඩකයින් 10 දෙනෙකුට අහිමි වී තිබෙනවා.

ඒ, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් හා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ක්‍රීඩකයින් 7 දෙනෙකු යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

සදුන් වීරක්කොඩි, ජෙහාන් ඩැනියල්, සංගීත් කුරේ, කුෂාන් ජයවික්‍රම, ළහිරු ගමගේ, අශාන් රන්දික හා ලසිත් ඇඹුල්දෙණිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, එම ක්‍රීඩකයින් වෙනුවෙන් කිසිදු ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු නොකරනු ඇති.

මේ අතර, සචිදු කොළඹගේ, නිමේෂ් විමුක්ති හා මොහොමඩ් ෂිරාස් යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ හේතුවෙන් ඔවුන්ට ද මෙම 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

මේ අතර, හිමාෂ ලියනගේ Blues කණ්ඩායමෙන් Greys කණ්ඩායම වෙත මාරු කර තිබෙනවා.

එමෙන්ම කමිල් මිෂාර Greens කණ්ඩායමෙන් Greys කණ්ඩායම වෙතත්, ප්‍රභාත් ජයසූරිය Greys කණ්ඩායමෙන් Reds කණ්ඩායම වෙතත්, මාරු කළ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආරාධිත 20යි 20 තරගාවලිය අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් තරගාවලියට එක් වන කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.

දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) අදාළ කණ්ඩායම්වල නායකත්වය දැරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...