නවසීලන්ත කණ්ඩායමේ තරග සංචාර දෙකක පුහුණුකරුවෙකු ලෙස සමරවීර පත් කෙරේ

Date:

නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ හා පාකිස්තාන තරග සංචාර සදහා පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර මහතා පත් කර තිබෙනවා.

අදාළ තරග සංචාර දෙක හා 20යි 20 ලෝක කුසලානය සදහා මෙන්ම ඉන්දීය තරග සංචාරය සදහා සංචිත ප්‍රකාශයට පත් කරමිනුයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය ඒ බව නිවේදනය කළේ.

බංග්ලාදේශ තරග සංචාරයට 20යි 20 තරග 5ක් ඇතුළත් අතර, පාකිස්තාන තරග සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5ක් ඇතුළත්.

එම තරගාවලි දෙක සදහායි තිලාන් සමරවීර මහතා පුහුණුකරුවෙකු ලෙස පත් කර ඇත්තේ.

20යි 20 ලෝක කුසලානයෙන් පසුව සිදු කිරීමට නියමිත ඉන්දීය සංචාරයට 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් අතර, ටෙස්ට් තරගාවලිය සදහා වන සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

NZ Coaching Staff for ICC T20 World Cup and India T20s :

Gary Stead, Shane Jurgensen, Luke Ronchi, (fourth coach TBA)

NZ Coaching Staff for Bangladesh T20s & Pakistan ODIs :

Glenn Pocknall, Graeme Aldridge, Thilan Samaraweera

NZ Coaching Staff for Pakistan T20s :

Shane Jurgensen, Glenn Pocknall, Graeme Aldridge, Tilan Samaraweera

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...