සියල්ලන්ට සිනහවක් ගෙන එමින් හේල්ස් පිට පිට දෙවරක් මුහුණ දුන් අනතුර

Date:

ඕනෑම ක්‍රීඩාවක දී ක්‍රීඩකයින්ට අනතුරු සිදු වීම සාමාන්‍ය සිදු වීමක්. ක්‍රිකට් ක්‍රීඩාවටත් එය පොදුයි.

විශේෂයෙන්ම පන්දුව ශරීරයේ වැදීමෙන් විවිධ අනතුරු ක්‍රිකට් පිටියේ සිදු වන අයුරු අප ඕනෑ තරම් දැක තිබෙනවා.

වේග පන්දු යවන්නෙකු යොමු කරන පන්දුවක් පිතිකරුවෙකුගේ යටි බඩ ආශ්‍රිත ප්‍රදේශයේ ගැටීමක් සිදු වුවහොත් ඉන් ඇති වන වේදනාව ද සුළුපටු නොවේ.

එවැනි අකරතැබ්බයකට මුහුණ දීමට එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස්ට සිදු වුණා.

එක්වරක් නොව පිට පිට පන්දු දෙකකදී එම අකරතැබ්බයට මුහුණ දීමට ඔහුට සිදු වීම කැපී පෙනුණා.

ඒ, මෙවර “ද හන්ඩ්‍රඩ්” තරගාවලිය යටතේ පැවැති තරගයකදීයි.

Trent Rockets කණ්ඩායම නියෝජනය කරන ඔහු Oval Invincibles කණ්ඩායමේ රීස් ටොප්ලි යොමු කළ පන්දු දෙකක් හමුවේයි මෙම අනතුරට මුහුණ දුන්නේ.

පළමු වරට පන්දුව සිය ශරීරියේ ගැටුණු අවස්ථාවේ දී හේල්ස් තරමක් වේදනාවෙන් පසු වූ බව ද දක්නට ලැබුණා.

ඊළග පන්දුවේ දී ද ඔහු එම අනතුරටම යළි මුහුණ දුන් අවස්ථාවේ දී ක්‍රීඩාංගනයේ සිටි බොහෝ දෙනෙකු ඊට සිනහවකින් ප්‍රතිචාර දැක්වීම විශේෂත්වයක්.

https://twitter.com/sparknzsport/status/1424546898480832514

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...