කුමුදුගේ නායකත්වයෙන් යුත් ඉතාලිය පළමු ජාත්‍යන්තර තරගයේ දී ම ජය ලබයි

Date:

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් ක්‍රීඩා කරන කුමුදු පෙඩ්‍රික්ගේ නායකත්වයෙන් යුත් ඉතාලි කාන්තා කණ්ඩායම සිය මංගල ජාත්‍යන්තර 20යි 20 තරගයට ඊයේ(9) ක්‍රීඩා කරමින් එම තරගය ජය ගැනීමට සමත් වුණා.

ඒ, ඕස්ට්‍රියා කාන්තා කණ්ඩායමේ ඉතාලි තරග සංචාරයේ පළමු 20යි 20 තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

රෝමයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රියාව කඩුලු 3ක් දැවී ලකුණු 107ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉතාලිය පන්දුවාර 16.1ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

කුමුදු පෙඩ්‍රික් නොදැවී ලකුණු 47ක් ලබා ගත් අතර, ටෙෂානි අරලියා නොදැවී ලකුණු 20යි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉතාලියයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...