ආරාධිත 20යි 20 තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

Date:

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස පැවැත්වීමට නියමිත ආරාධිත 20යි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි.

තරගාවලිය අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් තරගාවලියට එක් වන කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.

දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) අදාළ කණ්ඩායම්වල නායකත්වය දැරීමට නියමිතයි.

මෙම තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව ද ප්‍රේක්ෂක ඔබට හිමි වනවා.

ඒ අනුව Dialog TV හි Channel One නාලිකාව ඔස්සේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරග නැරඹිය හැකියි.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...