එංගලන්තය යළි තරගයට අවතීර්ණ වෙද්දී වර්ෂාවෙන් තරගයට බාධා

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(5) නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 4ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 125ක්.

වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 33ක් පමණයි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිට් ෂර්මා සහ කේ.එල්. රාහුල් සමත්වුණේ පළමු කඩුල්ලට ලකුණු 97ක සබදතාවයක් ගොඩනගමින්.

ලකුණු 36 ක් ලබා සිටි රෝහිට් ෂර්මා දවා ගැනීමට ඔලී රොබින්සන් සමත්වූ අතර, කේ.එල් රාහුල් නොදැවී ලකුණු 57ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පිට පිට පන්දු දෙකකදී චෙටස්වර් පුජාරා ලකුණු 4කටත්, නායක විරාට් කෝලි ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.

අජින්කෙයා රහානේ ලකුණු 5ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිඩ්ජ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 183 ක් පමණයි.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 58ක්.

මේ අතර, එංගලන්ත ඉනිම අතරතුර දී වූ සිදුවීමකට අදාළ වීඩියෝවක් වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

මොහොමඩ් ෂාමි පන්දු යවමින් සිටින අතරතුර දී මොහොමඩ් සිරාජ් විසින් පන්දුව පිරිමැදීම සදහා මොහොමඩ් ෂාමිගේ නළලෙහි ඇති දහඩිය යොදා ගන්නා අයුරු එම වීඩියෝ ඇතුළත්. (වීඩියෝව පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...