ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර අදින් ඇරඹේ

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර අදින්(4) ආරම්භ වනවා.

ඒ, එංගලන්තය හා ඉන්දියාව අතර ආරම්භ වන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියත් සමගයි.

පළමු ටෙස්ට් තරගය නොටින්හැම්හි Trent Bridge ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර (2021-23) සදහා ද රටවල් 9ක් තරග වදිනවා.

ටෙස්ට් තරගාවලියකට පවතින තරග ප්‍රමාණය නොසලකා සෑම ටෙස්ට් තරගයකටම සමාන ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් පිරිනැමීමට මෙම අදියරේ දී කටයුතු කිරීම විශේෂත්වයක්.

ඒ අනුව එක් ජයග්‍රහනයක් වෙනුවෙන් ප්‍රසාද ලකුණු 12ක් ද, ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් සදහා ප්‍රසාද ලකුණු 4ක් ද, ලකුණු සමවන තරගයක් සදහා ප්‍රසාද ලකුණු 6ක් ද පිරිනැමෙනු ඇති.

මීට පෙර පළමු අදියර සදහා ලකුණු ලබා දීමේ දී තරගයක් සදහා සමාන ලකුණු සංඛ්‍යාවක් ලබා නොදුන් අතර, තරගාවලියක් සදහා සමාන ලකුණු සංඛ්‍යාවක් (120) ලබා දුන්නා.

එක් තරගයකට හිමි වන ප්‍රසාද ලකුණු ප්‍රමාණය තීරණය කෙරුණේ අදාළ තරගාවලියට අයත් තරග ප්‍රමාණය අනුවයි.

දෙවැනි අදියරේ දී ප්‍රසාද ලකුණු සටහන සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය අනුවයි.

පළමු අදියරේ දී මෙන්ම දෙවැනි අදියරේ දී ද කණ්ඩායම් 9 ම සිය රටේ දී තරගාවලි 3ක් හා සංචාර ලෙස තරගාවලි 3ක් වශයෙන් තරගාවලි 6ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අද සිට 2023 වසරේ මාර්තු 31 දක්වා එම තරගාවලි ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාව මෙම අදියරේ දී ඔස්ට්‍රේලියාවට, පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙරට දී ටෙස්ට් තරගාවලි (තරග 2 බැගින් වන) ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට අමතරව බංග්ලාදේශයේ දී (තරග 2), නවසීලන්තයේ දී (තරග 2) හා ඉන්දියාවේ දී (තරග 3) ද ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...