ඉතිහාසයේ පළමු වරට බංග්ලාදේශය හමුවේ ඔස්ට්‍රේලියාවට 20යි 20 පරාජයක්

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර 20යි 20 ඉතිහාසයේ දී වාර්තා කළ පළමු ජය වාර්තා කිරීමට බංග්ලාදේශය අද(3) සමත් වුණා.

ඒ, සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 23ක ජයක් වාර්තා කරමින්.

ඩකාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 131ක් රැස් කළා.

ශකිබ් අල් හසාන් ලකුණු 36ක් හා මොහොමඩ් නයීම් ලකුණු 30ක් රැස් කළා. අෆිෆ් හුසේන් ලකුණු 23ක් ලබා ගත් අතර, නායක මහ්මුදුල්ලාහ් ලකුණු 20කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 24කට කඩුලු 3ක් හා මිචෙල් ස්ටක් ලකුණු 33කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108ක් පමණයි.

ඇලෙක්ස් කෙරී ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියේ මෙහෙදි හසාන්ගේ පන්දුවක් හමුවේයි.

මිචෙල් මාෂ් ලකුණු 45ක් ලබා ගත් අතර, මිචෙල් ස්ටක් ලකුණු 14ක් හා නායක මැතිව් වේඩ් ලකුණු 13ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නසුම් අහ්මඩ් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. මුස්ටර්ෆිසුර් රෙහ්මාන් හා ශොරිෆුල් ඉස්ලාම් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...