“ඕනෑම IPL කණ්ඩායමකට ඔහු තමයි ගැලපෙනම කෙනා” නේහ්රා හා ෂෙවාග් වනිදු ගැන කතා කරයි

Date:

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පසුගියදා නිමාව දුටුවේ එක්දින තරගාවලියේ ජය ඉන්දියාවටත්, 20යි 20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවටත් හිමි කර දෙමින්.

එම තරගාවලි ද්විත්වය පුරාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු දැක ගත හැකි වුණා.

ඉන්දියාවෙන් සූර්යකුමාර් යාදෙව් හා රාහුල් චහාර් සිය කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනන දක්ෂතාවයක් දක්වද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග සුවිශේෂී සේවයක් ඉටු කළා.

කෙසේ වෙතත්, මෙම සංචාරයේ දී මෙරට මෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩා විචාරකයින්ගේ ද දැඩි අවධානයට යොමු වූ ක්‍රීඩකයා බවට පත් වුණේ  වනිදු හසරංගයි.

මේ වන විට ලෝක 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන ඔහු තෙවැනි 20යි 20 තරගයේ දී ලකුණු 9කට කඩුලු 4ක් බිද හෙලුවේ සිය 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොදම දක්ෂතාවය දක්වමින්.

මෙම දක්ෂතා හේතුවෙන් ඔහුට ඉදිරියේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් ද දිනා ගැනීමට මේ වන විට වැඩි අවස්ථාවක් උදා වී තිබෙනවා.

අතරමගදී නතර කිරීමට මෙවර සිදු වූ IPL තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩකයෙකු ආදේශ කිරීමේ දී ඒ සදහා සුදුසුම ක්‍රීඩකයෙකු ලෙස වනිදු හසරංග නම් කළ හැකි බවයි ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන අශිෂ් නේහ්රා ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ.

වනිදුට හොදින් පන්දු යැවීමට හැකියාව පවතිනවා පමණක් නොව ඔහුට පිත්තෙන් ද දායකත්වය දැක්විය හැකි බව නේහ්රා පෙන්වා දෙනවා.

වනිදු හසරංග මිලදී ගැනීම සදහා අයි.පී.එල් කණ්ඩායම් 4ක් පමණ කැමැත්තෙන් පසු වූ බවට ද තොරතුරු වාර්තා වුණා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඇඩම් සම්පා තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන් ඔහු වෙනුවට වනිදු හසරංග ආදේශ කරනු ඇති බවට ද ඇතැම් වාර්තා පල වුණා.

මේ අතර, ජාත්‍යන්තර පිටියේ වනිදු හසරංග දක්වා ඇති දක්ෂතා හේතුවෙන් ඔහු ලබා ගැනීම වෙනුවෙන් අයි.පී.එල් කණ්ඩායම් කිහිපයක්ම තරග කරනු ඇති බවයි ඉන්දීය හිටපු ආරම්භක පිතිකරුවෙකු වන විරේන්ද ෂෙවාග් ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...