තිසරගේ පිලට එරෙහිව අශාන් රන්දිකගෙන් හයේ පහර 6 ක් සමගින් ප්‍රවේගකාමී ඉනිමක්

Date:

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙවර Army Commander’s League විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 07 වන තරගය අද (03) පෙරවරුවේදී නිමාව දුටුවා.

ඒ, දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායමට කඩුලු 05 ක පහසු ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස තරග වැදුණේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නායකත්වය දරන Western Warriors කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Northern Warriors කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා Western Warriors කණ්ඩායමට ආරාධනය කළා.

කෙසේ වෙතත්, පිටියට පිවිසී Western Warriors කණ්ඩායමට සාර්ථක ඉලක්කයක් ප්‍රතිවාදී කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට අවස්ථාව උදා වුණේ නැහෑ.

තරගාවලියේ මෙතෙක් සාර්ථකම පිතිකරුවෙකු වන උපුල් තරංගට අද තරගයේදී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 11(9) ක් පමණයි.

ඩිල්ෂාන් මුණවීර වෙනුවට කණ්ඩායමට පැමිණි කවිශ් කුමාර පන්දු 40 ක දී ලකුණු 32 ක් රැස්කර සිටියදී දුවද්දී දැවී යාමකට හසුවුණා.

යෝෂද මෙන්ඩිස් ලකුණු 31(18) යි. ලක්ෂාන් ගමගේ පන්දු 11 කදී ලකුණු 18 ක් රැස්කිරීමට සමත්වුණා.

නායක තිසර පෙරේරාට අද තරගයේදීත් සාර්ථක ඉනිමක් දියත් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඔහු පන්දු 6 කදී ලකුණු 11 ක් ලබා සිටියදී දැවී ගියා. ජාත්‍යන්තර පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස පිළිගැණෙන තිසර පෙරේරා මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ ඉනිම 4 තුළ දී ම සාර්ථක ඉනිමක් ගොඩනැගීමට සමත් වූයේ නැහැ.

ඒ අනුව Western Warriors කණ්ඩායමට කඩුලු සියල්ලම දැවී පන්දුවාර 19.5 තුළ රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 131 ක් පමණයි.

අදත් අනර්ඝ පන්දු යැවීමක නිරත වූ සීක්කුගේ ප්‍රසන්න පන්දුවාර 4 තුළ කඩුලු 3ක් බිඳ හෙලීමට සමත්වූණේ ප්‍රතිවාදීන් හට ලකුණු 23 ක් පමණක් ලබාදෙමින්.

එච්. හෙට්ටිආරච්චි කඩුලු 02 යි. ආර්. සිරිවර්ධන, ආර් තෙනුරාදන් සහ නිලූෂ ඩිල්ෂාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 132 ක පහසු ඉලක්කයක් හඹා ගිය Northern Warriors කණ්ඩායම පන්දුවාර 15.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ප්‍රවේගකාරී ඉනිමක නිරත වූ 27 හැවිරිදි ආරම්භක පිතිකරු අශාන් රන්දික පන්දු 31 කදී ලකුණු 76 ක් රැස්කර ගැනීම කැපී පෙණුනා.

ඔහුගේ ඉනිමට හයේ පහරවල් 6 ක් සහ හතරේ පහරවල් 6 ක් ඇතුළත්. එම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සනිටුහන් වුණේ 245.16 ක් ලෙසයි.

නායක සීක්කුගේ ප්‍රසන්න හතරේ පහරවල් 05 ක් සමගින් පන්දු 25 කදී ලකුණු 28 ක් රැස්කළා.

පන්දු යැවීමේදී ගිහාන් කෝරලගේ කඩුලු 2 ක් බිඳ හෙලූ අතර, නුවන් ප්‍රදීප්, යශෝද මෙන්ඩිස් සහ රුචිර සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදි ගියා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අශාන් රන්දික තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වුණා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...