එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2023ට කල් දැමේ

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2023 වසරේ මාර්තු මාසය දක්වා කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

එම සංචාරය එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී සිදු කිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

සංචාරයේ දී එක්දින තරග හා 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතව තිබුණා.

තරග සංචාරය කල් දැමීම හේතුවෙන් සැප්තැම්බර් 19 වනදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවයේ ඉතිරි තරග සදහා එංගලන්ත හා බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීම සදහා ද මේ වන විට අවස්ථාව උදා වී තිබෙනවා.

කෙසේ වෙතත්, එංගලන්තය ඔක්තෝබර් මාසයේ දී පාකිස්තාන තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

අනතුරුව 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...