ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ නම සංශෝදනය කෙරේ

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ නම ශාන්ත ලුසියා කිංග්ස් ලෙස සංශෝදනය කර තිබෙනවා.

කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් නව ලාංඡනයක් ද අද(2) ප්‍රසිද්ධියට පත් කළා.

මේ වන විට එම කණ්ඩායමේ හිමිකාරීත්වය ද දරනු ලබන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය විසිනුයි.

ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් හා බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් (බාර්බඩෝස් රෝයල්ස්) යන කණ්ඩායම්වල හිමිකාරීත්වය ද පිළිවෙලින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කොල්කටා නයිට් රයිඩර්ස් හා රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය සතු වනවා.

ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය ෆෆ් ඩු ප්ලෙසිස් විසින් දැරීමට නියමිතව ඇති අතර, පුහුණුකරු ලෙස ඇන්ඩි ෆ්ලවර් කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...