එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට දින දෙකක් තිබියදී ඉන්දියාව දැවැන්ත අර්බුදයක

Date:

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන මයාන්ක් අගාර්වල්ට අහිමි වී තිබෙනවා.

ඒ, පුහුණුවීම් අතරතුර දී මොහොමඩ් සිරාජ් යොමු කළ බවුන්සර් පන්දුවක් ඔහුගේ හිසේ වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්.

මීට පෙර ආබාධයක් හේතුවෙන් ආරම්භක පිතිකරුවෙකු වන ෂුබ්මන් ගිල් ද යළි ඉන්දියාව බලා පිටත් කර හැරුණු බැවින් මයාන්ක් අගාර්වල් පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව සිටියේ.

අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ රැදී සිටි Abhimanyu Easwaran මේ වන විට සංචිතයේ විකල්ප ආරම්භක පිතිකරුවෙකු බවට පත්ව සිටිනවා.

කේ.එල් රාහුල් ද සංචිතයේ රැදී සිටින නමුත් ඔහු මෙම තරගාවලියේ දී මැදපෙල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව රෝහිට් ෂර්මා සමග ඉන්දීය කණ්ඩායමේ ඉනිම ආරම්භ කරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් එරට බළධාරීන් තීරණය කර නැහැ.

ප්‍රිත්වි ෂෝ හා සූර්යකුමාර් යාදෙව් ඉන්දීය ටෙස්ට් සංචිතයට කැදවා ඇතත්, ඔවුන් මෙතෙක් එංගලන්තයට පැමිණ නැහැ.

නිරෝධායනයට ද ලක්විය යුතු බැවින් ඔවුන් දෙදෙනාට පළමු ටෙස්ට් තරග දෙකම ක්‍රීඩා කිරීමට කිසිසේත් අවස්ථාවක් හිමි නොවනු ඇති.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 4 වැනිදා Trent Bridge ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...