නායකත්වය මැතිව් වේඩ්ට

Date:

බංග්ලාදේශයට එරෙහි තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය මැතිව් වේඩ් වෙත හිමිව තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ආරොන් ෆින්ච්ට ආබාධයක් හේතුවෙන් එම තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වන බැවින්.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ඔහු එලෙස ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් කොදෙව්වන්ට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියට ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

එම තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඇලේක්ස් කෙරී විසින්.

බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය හෙට(3) ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...