මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්කට වසරක තහනමක් සමග මිලියන 10ක දඩයක්

Date:

විනය ගැටලු හේතුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කෙරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුව විසින් සිදු කළ නිර්දේශ අනුවයි.

ඊට අමතරව අදාළ ක්‍රීඩකයින් තිදෙනාට මාස 6ක දේශීය තරග තහනමක්ද පනවා ඇති බව සදහන්.

එමෙන්ම එක් ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 10 බැගින් වන දඩ මුදලක්ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

තවද එම ක්‍රීඩකයින්ට වසර දෙකකට අත්හිටුවූ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ද පනවා තිබෙනවා.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක  ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...