වනිදු හෙට තරගයට ක්‍රීඩා කරාවිද? ශ්‍රී ලංකා පුහුණුකරු පිළිතුරු දෙයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට හෙට(25) ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසනවා.

20යි 20 තරගාවලිය ආරම්භය වීමට පෙර අද(24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.

වනිදුට ඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින තරගයට ඊයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.

මේ අතර, භානුක රාජපක්ෂ ඊයේ තරගයේ දී ක්‍රීඩා කළ ඉනිම ද මිකී ආතර් මෙම මාධ්‍ය හමුවේ දී ඇගයීමට ලක් කළා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග දිනවන්නෙකු වනු ඇති බවයි ශ්‍රී ලංකා පුහුණුකරු සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...