“ඒක විවේකාගාරයේ වෙන්න තිබුණ දෙයක්” : මිකී සමග වචන හුවමාරුව ගැන දසුන් කතා කරයි

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් දසුන් ශානක අද අදහස් පල කළා.

ඒ, හෙට පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(22) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්.

පුහුණුකරු හා තමා අතර සිදු වූ එම සංවාදය ක්‍රීඩක විවේකාගාරයේ දී සිදු විය යුත්තක් බවයි දසුන් ශානක ද මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළේ.

“මම හිතන්නේ ඒක Dressing room එකේ වෙන්න ඕනෙ දෙයක් තමයි ක්‍රීඩා පිටියේදි වුණේ.” යනුවෙන් දසුන් සදහන් කළා.

“කෝච්ට දැනගන්න ඕනෙ වුණේ අපි ප්ලෑන් කරපු දේවල්වලින් පිට ගියාද කියල. මම කීව ප්ලෑන් කරපු දෙයින් පිට ගියේ නැහැ කියලා. ඒ සාකච්ඡාව විතරයි පැවැත්වුණේ. උණුසුම් කතාබහක් වුණේ නැහැ. මම පැහැදිලි කරල දුන්නා විතරයි මේ දේ තමයි එතන වුණේ කියන එක” 

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ALSO READ : ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වීමත් සමග හෙට තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...