මිකී ආතර්ගෙන් රසල්ට පිළිතුරු

Date:

ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර ඊයේ(20) තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගනයේ දී සිදු වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් මහතා විසින් පල කළ ට්විටර් පණිවිඩයට මිකී ආතර් විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 3ක තියුණු පරාජයක් ලැබුවා.

ඉන් අනතුරුවයි පුහුණුකරු හා නායකයා අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වනු දක්නට ලැබුණේ.

ඔවුන් දෙදෙනා අතර එම සංවාදය ක්‍රීඩාංගනයේ දී නොව ක්‍රීඩක විවේකාගාරයේ දී සිදු විය යුත්තක් බවයි රසල් ආර්නල්ඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ.

ඊට ප්‍රතිචාර දැක් වූ මිකී ආතර් සදහන් කළේ මෙවැනි අදහසක්.

“අපි එකට දිනනවා, එකට පරදිනවා. නමුත් අපි හැම වෙලාවෙම ඉගෙන ගන්නවා. දසුන් හා මම කණ්ඩායමක් වර්ධනය කරමින් ඉන්නවා. අපි දෙන්නම ගොඩක් කළකිරුණා තරගය ජය නොගැනීම ගැන. එය ඇත්තටම ඉතා හොද විවාදයක් වුණා, ඉන් වැරැදි හැසිරීමක් හදන්න අවශ්‍ය නැහැ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...