තියුණු සටනකින් පසු තරගාවලියේ ජය එංගලන්තයට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(21) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් එංගලන්තය කඩුලු 3ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මැන්චෙස්ටර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 76ක් හා ෆකාර් සමාන් ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් ලකුණු 35කට කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජේසන් රෝයි ලකුණු 64ක් හා ඩාවිඩ් මලාන් ලකුණු 31ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් හෆීස් ලකුණු 28කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...